Saturday, February 27, 2010

කලපුවක කතාව හෙවත් මගේ පෙම් කවිය


කලපු දියවර
නිසලව තිබිණි...


දිය සරැළි
නිදි බැවින්
මම
ඇඟිල්ලෙන්
කලපු ළය මත
ඉරි අඳිමි...


පහතට නැඹුරු
දෙ ඇසේ
රඳනු නොරිසිව
කඳුළක්
සිහින් හඬකින්
දිය මත
පතිත වෙයි...


සිහිනයෙන් තිගැස්සී
හැරුණු
රිදී පැහැ මසෙක්
ඇස් නගා විමසා
වරල් සේලය පොරවා
යළිත්
නින්දට යයි...


නිහැඬියාව
කි..........


වලාකුළු බර
දරනු බැරි සඳ
වේදනාබර
මොහොතක
රැයට
සමුදෙයි..
ඇසට
නිදිමත එයි..
අන්ධකාරය
රජවෙයි

..............


ඉදින්..
පසුදිනෙක
අලුයම..
හිරු නැගෙනු
පෙරතුව..
කළපු දිය මතුපිට
කඳුළ සිපගත් තැන
අලුත් නෙළුමක්
සුපිපෙයි…..


පිණි තිතක් වුව
නොරැඳෙන
එ'නෙළුමේ කොපුලත
ලුණුම ලුණු රස
පැරණි කඳුලක්
දිලිසෙයි...

* * *

රසික ජයකොඩි
2010 පෙබරවාරි 28 වැනිදා
පාන්දර 2.10 ට



8 comments:

  1. අගෙයි අදහස දිග වැඩියි කියලත් හිතෙනවා කවිය. කොහොම උනත් නිර්මාණය නියමයි

    ReplyDelete
  2. කලු පැහැති අන්ධකාරය
    සිතුවමක් මත බොඳ වෙයි....
    කඳුල ඇඳි තරඟ
    ස‍රැලි මත වියැකෙයි...

    අපූර්වයි... ඒත්... ඒත් ශෝකීයි , නිහඬ වැඩියි ..... කඳුල කලපු දිය මත නගන හීන් හඬ හදවතට දැනෙන්නා සේයි....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. වෙනස්...හුගාක් වෙනස් නිර්මාණයක් රසික
    අර කවුද කිව්වා වගේ අහස දිග වැඩීද කියලා හිතුනා............

    ReplyDelete
  5. පැරණි වුවද කදුළ
    නෙළුම මත රැදුන
    පැරණි නොවෙයි ඒ
    මතකය සිත රැදුන


    අපූරුයි නිර්මාණය............

    ReplyDelete
  6. රසික, නියමයි මචං

    ReplyDelete