සති අන්ත දවසක රැයක,
මැදියම ගෙවෙන්නට පෙර
දුර සිට සපැමිණෙන
දුර ඇමතුමක් එය.
"කොහොමද..?"
නිහඬ සිනහවකි
පිළිතුර
ඉසියුම් ඉසිඹුවක් ලැබ
විමසයි යළිත් ඔබ
හුරුපුරුදු ප්‍රශ්නය.
"නිදි නැද්ද තවම..?"
කිසිදාක නිදි නොවිඳින
මගේ යටි සිත
ඒ ප්‍රශ්නයට දෙයි
කෙටි පිළිතුරක්.
"නැහැ තාම"
"දැක්කා ළඟදි දවසක
ලියපු කවියක්,
හුඟක්ම තිබුණෙ
'තනිකම'..
කලින් කවිවල වාගෙම."
කිව්වත් මෙලෙස ඔබ
නො අසන වග දනිමි කිසිදිනක
කවි නිමිති, හේතු-කාරණ.
"ඇයි...
වැරදිද.."
පිළිතුරක් නැති තැන
නොවරදවාම ඔබ විමසන
එකම ප්‍රශ්නය එය.
එසේ ඇසුවද ඔබ,
කොහොමින් කියන්නද
තනිකමේ ගැඹුරු පතුළත
ඔබ නොදත්
තව බොහෝ දේ ඇති වග..
"මම දන්නව.."
නොවැටහී වුව එහි රැඳි අරුත
මුදු ලෙසින් මසිත තැවරෙන
ඔබ කියන අවසන් වචනය
පිරිමදියි හිරි වැටුණු හදවත.
නිහඬ සිනහවකි.
ඔබට මා දෙන පිළිතුර.
රසික ජයකොඩි
හරිම ලස්සනයි මල්ලි .............
ReplyDeleteලස්සනයි තමයි...
ReplyDeleteඒත් ඇයි ඔහොමම ලියන්නේ..?
ඇත්තටම සුපිරි..!
ReplyDelete[අර කලින් තිබ්බ theme එකට මොකෝ වුණේ? මේකට වැඩිය ඒක හොඳයි, සරල චාම් වගේම ඇහැටත් හොඳයි කියලා මට හිතෙනවා]
:D
සොඳුරු කවියකි
ReplyDeleteහැමදාම මෙන්
ගැඹුරු පතුළත
හදට දැනෙනා.
මැණික්
හරිම ලස්සනයි යාළුවා...
ReplyDeleteලස්සනයි බොස් ! මාරම ලස්සනයි . රත් වෙලා තිබ්බ හිත මොහොතකට කූල් උනා ...බොහොම ස්තූතියි මේක ලිවුවට
ReplyDeleteහිත පිරිමදින කවියක්.
ReplyDeleteayya, you always talktothe interior of our hearts . I appreciate it a lot.
ReplyDeleteYou always whisper to the heart.. Yesterday.. Today.. Tomorrow.. And I know, U will, forever..
ReplyDeletehmmmmmmmmmmmmm
ReplyDeleteI feel this the deepest place in my heart .....
ReplyDeleteAmazing.........
අපූරුයි!
ReplyDeleteYour lovely experience touches mine too ...it was usual reading your poems always ...loved this too much much ..Thank you !!!
ReplyDelete