Sunday, February 21, 2010

නික්ම යාම



ගිරිසිරස
මත හිඳිමි


මරණයට
මොහොතකට
නතර වෙන්නැයි
කියමි


සිපිරිගත
හුස්මකට
පණ පොවමි


අත්ල මැද
ඉතිරි වුණු
වරා මලකට
පිඹිමි


විසිර යන හැටි
දකිමි


ධ්‍යානගත
වී නිදමි


* * *

5 comments:

  1. මෙක පොඩි නැහැ බිගු ... එක මොහොතකට මාව ගල් කලා. ලස්සන නිමෙෂයක් හිතෙ මැවුනා. ගොඩක් දුර ගියා. රසික ස්තුති...

    ReplyDelete
  2. Is a frozen moment !!!! Is this to cry ???

    ReplyDelete