සන්තානගත කව
නවම් සඳ යට නතරව
උවම් නොමැතිව ලියැවුණ
තවත් කවියක් මෙය......
නෙතින් නෙත නොරැඳෙන
සිතින් සිත ගොස් නවතින
අතින් නවතනු බැරිවුණ
සුසුම් අහුරක් මෙය
ලැගුම්හල් සොය සොයා පියඹන......
සන්තාප ගිනි දළු ලන
සන්තානයේ උපදින
මන්දාරමේ පැහැයෙන
පින්තාරු වෙයි කඳුළක
සංසාරගත සෙනෙහස.......
බිඳ රැයක තනිකම
අඳ අහස මත වැතිරුණ
අඳුරුතම තිත මත
සඳු ඇඳෙනු සිහිනෙන් දැක
සොඳුරු හැඟුමෙන් ලියැවෙන
රුදුරු කවියයි මෙය.....
හදමඬල පතුළත
රිදවගෙන කැටයම් කළ.....
හද මඩල පතුලත
ReplyDeleteරිදුම් දෙන මුත්
කැටයමක රුව ගුණ
සදා ඇත මතක තුල..
mmm thank u
ReplyDeleteලස්සනයි රසික...
ReplyDeleteGood luck to your " Sansaragatha Senehasa " !!!
ReplyDelete