Wednesday, September 9, 2015

පත්තරකාරයෙකුගේ එකම එක පෙම් කවිය


කුහුඹුවෙකු තණපතක් මත
උදයට ලියන පෙම් කව
ක්ෂුද්‍ර වස්තුවක් බව
ඇය පුන පුනා කියන විට
හැන්දෑව තරම් දිග 
උගේ එක පාදයක සෙවණැල්ල
මම මගේ ජීවිතය කරගනිමි. 


සෙවණැලි මැනීමයි
එයින් පසු මගේ රස්සාව!


වැහි දිනක සවසක
තෙතබරිත හදවත මත 
සිහින් ඉරි අඳින රුදු අතකට
පෑන පොඩ්ඩක් දෙන්නට
ඇය බැහැ කියන විට
අතැඟිල්ල මත වැටුණු වැහි බිඳක් 
කඳුළකට පෙරළා 
මම ඇගේ දකුණු ඇස අග
තවරමි.


ඇස තෙතබරිත වන විට
ඇය අතින් පෑන ගිලිහී වැටෙයි!


"ආදරය කියන්නෙම 
සිඳුණු වැවකට..."
එහෙම නම්,
සුළඟ නිශ්චල දවසක
වැව් පතුළ හාරා
ජීවිතය යළි ගොඩට ගත හැකි බව
මතක් වී
මම සිනා සෙන්නෙමි. 


පුදුමයක් නැහැ
ඩෙඩ්ලයින් අමතක වීම!


මතකය තනි තිතක් වන
හැම මොහොතකම
මරණය රේඛාවක්ව
ඒ මත පතිත වන බව
හැම කවියකම අවසන
ඈ හට මතක් කර දෙන්නට
එවිට මම සිතා ගන්නෙමි. 


'ඔන්න ඔහොමයි
පත්තරකාරයෙකුගේ ප්‍රේමය!'



*              *             *
රසික ජයකොඩි  27-08-2014 

4 comments:

  1. පිණි බිඳක් කියන්නේ
    සඳවතට පෙම් බඳින
    තණපතක කඳුළක් බව
    දැන දැනම නොදන්නා බව පෙන්වන්න
    මංමුලා සුළඟකට පුළුවන් ය.

    අන්න එහෙමයි,
    ඩෙඩ්ලයින් සැතෙන් හද කැපී ගිය
    ශ්වේත කොලරයක සැඟවුනු ජීවිතය :)

    ReplyDelete
  2. ලස්සන අදහසක් මචෝ.. නියමයි..

    ReplyDelete
  3. Lovely Paththara premaya ....

    ReplyDelete