Sunday, May 22, 2011

වෙසඟ අවසඟ


රෑ මැද

සීතල වැහි වතුර ලෙද

ආකාසයෙන් බිම වැටෙන සඳ

මගේ මානය

කෙතරම් ලස්සනද

මේ වෙසක් සඳ මත

වාඩි ගෙන සිටියි නම් ඔබ..



පෙරලුණු ඉටි පහනකින්

ඇවිලෙන

වෙසක් පහනක් නම් සිත

කොහොමද

ළඟම හිඳ

දිය බිඳක් වත් නො ඉසම

මේ හැටි

සිනාසෙන්නේ ඔබ..



දුටුවාද ඔබ

මතු මහල් සිරසින්

මිහිමතට බැස විත්

ඇසිපිය සලන

විදුලි ඇස් අතරට

පියහඹන කණමැදිරි එළියක්;

එය තමයි ප්‍රේමය.

විරාගික යැයි

ඔබ සිතන ප්‍රේමය..



හිස් අවකාශයකි අහස ද

සඳ ඉතිරිකොට

තාරකා හැංගෙන.

එළිය තුළ අඳුර විළි ලන

අඳුර තුළ එළිය මිරිකෙන

ජීවිතය විලසට

පරතෙරක් නොමැතිව දළුලන..



ගමනාන්තය නොම දැන

අන්ධකාරය අතරින්

ජීවිතය දළුලන විට

කොතරම් ලස්සන ද

ඒ මත වාඩිගෙන

සිනා සෙන්නේ නම් ඔබ.



රසික ජයකොඩි

6 comments:

  1. හරිම ලස්සනයි..

    ReplyDelete
  2. අපූරුයි රසික.
    ඔබේ හැම කවියකම වගේ ඔබටම අවේණික වූ වෙනස් වින්දනයක් තියෙනව.

    ReplyDelete
  3. හදවතේ ගැඹුරුම තැනට ඇමතූ වගයි .......

    ReplyDelete
  4. අයියේ,ඔයාගෙ කවි හරි ලස්සනයි. රිවිසරසි එකේ ලියන්නෙත් ඔයා නේද?

    ReplyDelete
  5. pls,mata uddavvak karanavada?jhayashika padmasirige SLEEPLESS NIGHTS mama kiyevva.eyage email address eka dannavanam eka me kaviyata comment ekak vidiyata dannako....

    ReplyDelete
  6. Yeah , this is exactly you and your poetry . Good Luck for your writing .My blessings ....!!!

    ReplyDelete