රැයේ ගීතය
කළුවරම අහස
ගිරිසිරස තරමටම නිසලයි
අවසාන තරුව
සෙවණැලිත් නොතියාම සැඟවෙයි
පිළිසිඳුණ සිහින
සයනයෙන් හිස නගා නැගිටියි
දැන් මගේ කවිය
ආකහේ කොතැන හෝ ලියවෙයි
ළය තුළින් මිදුණ
සුසුමකින් වලාකුළු උපදියි
ඉකිනගනු කුමට
එළි නොවෙයි රැය තාම තරුණයි
මා දකින සිහින
කළුවරේ තටු සලා ඉගිලෙයි
මේ ලියන කවිය
අයිති මට නොවෙයි මේ රැයටයි.
කලු අහස අඬන දුක
ReplyDeleteආකහේ ඇඳෙන විට
සිහිනයද කවියක්ව
රැය සමග සුසුම් ලන...
අද එදා මෙන් හෙටත්
කවි සිහින පොහොණි වෙත්
හිරු නැගෙන උදය තෙක්
ඉකිබිඳියි කලුවරත්...
This comment has been removed by a blog administrator.
ReplyDeleteහැමදාම වගේ ලස්සන නිර්මාණයක්...
ReplyDeleteWith a bit hope , something different in your picture ...Lovely !!!
ReplyDelete