Wednesday, February 24, 2010

"බතී"ට


බොහෝ දුර සිට පැමිණෙන
විරාගික මඳ සුළඟට
මලානික තුරුපත් වුව
සලා ඇස් හිනැහෙන්නැ'ති
බතී නුඹ
මේ ලෙස බලා ඉන්නැ'ති..


සිතුවිලි නිබඳ ලඹදෙන
කුටියක නිනද තනිකම
කොපුල'ත ගලන කඳුළක
හැඩපලු ගොතන්නැ'ති
බතී නුඹ
ඒ කඳුළ නොදකින්නැ'ති


හීතලෙන් ගුලි වෙන රැය
මායමෙන් හිනැහෙන විට
වාසගම් නැති කවියට
පේළියක් මුසුවෙන්නැති
බතී එය
නුඹට නම් නොහැඟෙන්නැති..


සරැලි කෙහෙරැළි පිරිමැද
නල මුදුව එන සිහිනය
කල්පනා දිය රළ යට
සදාකල් සැඟවෙන්නැ'ති
බතී නුඹ
ඒ සිහින නොදකින්නැ'ති


අතීතය
වී මම නතර වෙන්නැ'ති
බතී නුඹ
අනාගතයට යන්නැති..






රසික ජයකොඩි
20/ 01/ 2010

5 comments:

  1. මට වෙලාවකට අරවින්ද ගැන ඇති වෙන්නෙ තරහක්..... හිතේ තිබ්බ ආදරේ නිකමටවත් බතීට කිවුවනම්...... අරවින්ද කියන්නෙ විරාගික පෙම්වතෙක් නෙවෙයිනෙ...

    ප්‍රේමණීය පද පෙලක්..... බතීට නොහැගුනාට අරවින්දට දැනිච්ච හැගීම් අපූරුවට ගලපලා..

    ReplyDelete
  2. අතීතය
    වී මම නතර වෙන්නැ'ති
    බතී නුඹ
    අනාගතයට යන්නැති..

    lassanaii..

    ReplyDelete
  3. මේක නම් සුපිරි රසික...

    ReplyDelete
  4. Yeah angry with Aravinda for them -Aravinda and Sarojinie - But cannot stop loving him too ...same as " Kusum " made by Jayalath ....

    ReplyDelete