Tuesday, August 21, 2012

සේපාලිකා හෙවත් නැවත ඇවිදීම



සිතියමක්
ඇවැසි නෑ
ගමනට. 
මං ලකුණු
අයිති නෑ 
දෙපයට.
කැමති නම් ඇවිදින්න
ඔබ එන්න
ඉතින් මේ හෙවණට. 

මාලිමාවක් නම්
හදවත
පොළොව මත නතරව
අහසටම අයදින,
සුළඟ යැයි කියන්නෙත්
සුසුමට,
සුළඟෙහිම කැබලිව
මැකී යන්නටද
ඇත අවසර. 

බොහෝ සෙවණැලි
හැරවිය හැකියි යළිත්
කවියට
කවියකැයි කියන්නේ,
ඔව්..කවියකැයි කියන්නේ 
ඇසිල්ලක මතකෙට.

මහා හිස්තැන් මත
වැසි වතුර 
වසින තුරු 
නතරව,
අකල් වැසි එනතුරු
ඇඟිලි බැඳ 
සිටින එක දවසක,
සියක් මැයි මල්
වසින්නේ නම්
සවසට,
සේපාලිකා සුවඳට.



*             *              *
( රසික ජයකොඩි 23.05.2012 )

2 comments: