Thursday, February 25, 2010

නමක් නැති කවක්....


මුකුටයෙන් ගිලිහුණු
මලකට
පිපෙන්නට බැරිද
මතක පටුමග මත
දවසක....?

සරැලි කෙහෙරැලි
සසැලෙන
අනවසර සුළඟට
විසුරුවන්නට බැරිද
පත් ඉරු කොට
පැරණි කවියක
සුපැතුම...?

දෙබැම දේදුනු යට
ඇසිපිය සලන විට
ඇස
ඇහුණාද හෙමිහිට
ඉකිබිඳුම
සිපිරිගත
කඳුළක...?

මැදියමක
ඉඳහිට
ඔබ එවන
කෙටිම කෙටි වදනට
පණ පුදන්නට
හැකිද
කල්පයක්
තරම් දිග
සුසුමට....?

* * *

නමක් නැති
පෙම
නිමක් නැති
පැන
ඉතිරි කොට යයි
ළැම....

ඉතින්
මම
තවරමි
ඔබේ නම
අවකාශයේ
අවසන්ම
ඉම...

තරු එළියටත්
බය
සදාකාලික රැය
මෙය
කඳුළක හැඩය
පිණි මත
තබා ගිය....




රසික ජයකොඩි
25.02.2010

9 comments:

  1. රසික ඇයි ඔයා ඔච්චර ලස්සනට ලියලා නිශ්ශබ්දව ඉන්නෙ. අපිත් එක්කලත් කතා කරන්න... එක ඔයාව අපිට දකින්න තියන තවත් අවස්තාවක්. ඔයාගෙ කවි වලින්ම ඔයාව දකිනවා ඇරෙන්න.

    ReplyDelete
  2. :) :) :) khomath kawi walin dhakinneth maawamane..

    ReplyDelete
  3. හැංගුනු
    විරහ රස
    නමක් නැතැයි කීවට
    ෙප්ලි පුරාම එක නමක් ලියා අැත
    ලස්සනයි දුකයි.........

    ReplyDelete
  4. එක පෙළට කියෙව්වත් .. තැනින් තැනින් කියෙව්වත් හරිම රසවත් කවි පෙළක්.. තව තවත් නව නිර්මාණ බිහි කරත්වා..!

    ReplyDelete
  5. විදින්නට ඔය කවි රසය
    හැකිවේය අපටත්
    තව දිනෙක ඔබ ලිව්වොත්
    මේ වගේ කවි දහසක්...

    ReplyDelete
  6. නිමක් නැති පෙමකට....
    කවක් පබදිනු කෙලෙසක...
    නිමක් නැති පෙම් කවි බැද....
    මුදාලනු හිස් අහසට......

    ReplyDelete
  7. සිංහල කවිය ගෙනදෙයි මිහිරක්
    කවි රස හදුනන පිරිසක්
    සමගින් සිංහල බ්ලොග් කවියක්
    ගෙනෙයි අපට නව දිවියක්

    ReplyDelete
  8. Miss your Poetry Rasika .Nothing replaces yours .

    ReplyDelete