Tuesday, February 23, 2010

සන්තානගත කව


නවම් සඳ යට නතරව
උවම් නොමැතිව ලියැවුණ
තවත් කවියක් මෙය......

නෙතින් නෙත නොරැඳෙන
සිතින් සිත ගොස් නවතින
අතින් නවතනු බැරිවුණ
සුසුම් අහුරක් මෙය
ලැගුම්හල් සොය සොයා පියඹන......

සන්තාප ගිනි දළු ලන
සන්තානයේ උපදින
මන්දාරමේ පැහැයෙන
පින්තාරු වෙයි කඳුළක
සංසාරගත සෙනෙහස.......

බිඳ රැයක තනිකම
අඳ අහස මත වැතිරුණ
අඳුරුතම තිත මත
සඳු ඇඳෙනු සිහිනෙන් දැක
සොඳුරු හැඟුමෙන් ලියැවෙන
රුදුරු කවියයි මෙය.....

හදමඬල පතුළත
රිදවගෙන කැටයම් කළ.....

4 comments:

  1. හද මඩල පතුලත
    රිදුම් දෙන මුත්
    කැටයමක රුව ගුණ
    සදා ඇත මතක තුල..

    ReplyDelete
  2. ලස්සනයි රසික...

    ReplyDelete
  3. Good luck to your " Sansaragatha Senehasa " !!!

    ReplyDelete