Saturday, February 13, 2010

රැයේ ගීතය


කළුවරම අහස
ගිරිසිරස තරමටම නිසලයි
අවසාන තරුව
සෙවණැලිත් නොතියාම සැඟවෙයි
පිළිසිඳුණ සිහින
සයනයෙන් හිස නගා නැගිටියි
දැන් මගේ කවිය
ආකහේ කොතැන හෝ ලියවෙයි



ළය තුළින් මිදුණ
සුසුමකින් වලාකුළු උපදියි
ඉකිනගනු කුමට
එළි නොවෙයි රැය තාම තරුණයි
මා දකින සිහින
කළුවරේ තටු සලා ඉගිලෙයි
මේ ලියන කවිය
අයිති මට නොවෙයි මේ රැයටයි.

4 comments:

  1. කලු අහස අඬන දුක
    ආකහේ ඇ‍ඳෙන විට
    සිහිනයද කවියක්ව
    ‍රැය සමග සුසුම් ලන...

    අද එදා මෙන් හෙටත්
    කවි සිහින පොහොණි වෙත්
    හිරු නැගෙන උදය තෙක්
    ඉකිබිඳියි කලුවරත්...

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. හැමදාම වගේ ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
  4. With a bit hope , something different in your picture ...Lovely !!!

    ReplyDelete