Wednesday, February 10, 2010

ඔබ සිතක් - මම තිතක්


දිගු කවිය
අග තිතක්.


තිත හිතක්
හිත ගඟක්
රැළි නැතත්
ගඟ ගඟක්


ගඟ මතින්
සඳ ඇතත්
මෙය රැයක්..
සුසුමෙනුත්
රිදුම් කයි
හදවතක්..


ඒ රිදුම
තිතක්
නොවැටෙන දුකක්


දුක ළඟින්
ඔබ තියයි
කටහඬක්
එතැන දැන්
යළි උපන්
කවි සිතක්


ලියමි තව
කවි පෙළක්..
එය අගින්
යළි තිතක්.


ඔබ "සිතක්"
මම "තිතක්"

6 comments:

  1. ලස්සනට ලියල තියෙනව...

    ReplyDelete
  2. සිරගත තිතක ,
    නිදහස් සිතක..
    දෙතැනම ඇතද
    හස පිණි නොමඳ...

    ලං වී බිඳක්
    ඇස් දී මදක්
    හෙමිහිට බලන්
    කඳුලැලි ගඟක්...

    ReplyDelete
  3. ඔව්...ඔබ සිතක්...මම තිතක්

    ReplyDelete
  4. Don't put a fullstop for poetry
    Put a fullstop for the river of tears....

    Aiya soooo creative
    So why dont U write a book?

    ReplyDelete
  5. Yes true , my all time wish is publishing a book of your poetry ...so , we outsiders will definitely be benefited ...Thank you !!

    ReplyDelete