Sunday, March 28, 2010

වස්සාන ගීතය හෙවත් "ඔබ"


යළිත් වස්සානයයි

ජීවිතය කුසීතව
යහන මත
දිගෑදෙන
යාමයයි..

රෑ පුරා වෙහෙසවී
අකුරු කළ
මතක පොත
දැන් වසා
පැත්තකින් තබන්නට කාලයයි..

ඉර්තුවක් තිස්සේම
එකතු කළ දුක දරා
ගිම්හාන සුළං රොද
තටු සලා
දුරින් දුර පාව යයි..

තෙමි තෙමී ඇවිද'විත්
තෙතබරිව
කවුළු දොර අසළ අර හිඳින්නේ
මගහැරුණ
වස්සාන හීනයයි..

ඇබින්දක් කන්දෙන්න

යටගියාවට වැටෙන
වැහි කඳුළු
එ'බිම මත උපදවන
සුවඳ දහරක එතී
සිහිනයක් විලස ළඟ රැඳෙන්නේ
නිහඬතාවය
හඬන රාවයයි..

අදහන්න පුළුවන්ද,
එයින් පණ පෙවෙන්නේ
මිය ඇදුණ හදවතක
ගීතයයි..




රසික ජයකොඩි
27. 03. 2010

5 comments:

  1. මතකද මේ වචන .......
    ඔව් ශීත කාලය පැමිණේවි
    තද ශීත කුණාටු හමාවි
    හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි
    එහෙත් වසන්තය එනවා සත්තයි

    ReplyDelete
  2. අයං වස්සාන කාලෝ...

    /බිඟුවා...!

    ReplyDelete
  3. සිහිනයක් විලස ළඟ රැඳෙන්නේ
    නිහඬතාවය
    හඬන රාවයයි..

    නිහඬතාවය තරම් අඬා බහින දුකක් නැහැ තනි වූ හදවතකට. ඇතැම් විට ලෝකයක් අප වටා පවුරක් බැඳ සිටියත් , අප සන්තානය විසින් අපව තනිකොට දමනවා.. ලෝකයෙන් සැඟවී සිටින්නට අප වෙර දරනවා...

    අපූරුයි මේ වචන... එයිනුත් මේ කොටස අනර්ඝයි

    "සිහිනයක් විලස ළඟ රැඳෙන්නේ
    නිහඬතාවය
    හඬන රාවයයි.."

    ReplyDelete