Wednesday, March 10, 2010

මන්දාකිණි


මන්දාරමේ දිලිසෙන
මන්දාකිණිය ඔබම ද
ගිම්හානයේ අහසට
හැන්දෑවක්ව පැමිණෙන..?


කාත් කවුරුවත් නැති මොහොතක
ආත්මය මිලානව සැඟවිණ..
ඈත් වෙන සුවඳකින් නෙතු හැර
දෑත් බැඳ මග බලමි තනිවම..

ප්‍රේමයක් කිසිදාක නොලැබම
හීතලෙන් මිය ඇදෙන මලකට
හීනයෙන් මෙන් දිනක හමුවන
දෑසකින් ලියැවේද සෙනෙහස...?

සකුණසර ගල් ගැහී ගොළුවන
විපිළිසර කෙටි නිහැඬියාවක
අනවසරයෙන්ම මට අමතන
සෙනෙහෙබර කටහඬකි මතකය..


සන්තානයම හඬවන
මන්දාකිණිය ඔබම ද
සංසාරයේ දුර සිට
මන්දාරමේ පැමිණෙන...?


රසික ජයකොඩි

3 comments:

  1. නිර්මාණය අනර්ගයි....

    මන්දාකිනියෙන් එහාට
    තව ලොවක් ඇත පියමනින්නට
    ඒ ලොව වෙත යන්නට
    දිරි පතමි නුඹ හට.....

    ReplyDelete
  2. ගොඩක් ලස්සනයි...

    ReplyDelete