Monday, March 8, 2010

තනි මල සහ තනි සිත


පිටෙන් පිට
මගහැරුණ
පොතකි.
ඉදින් එය
අතහැරුණ
සිතකි...


ඇසිපියෙන්
දිග හැරෙන
රැයකි.
ඇසිපියන්
යට උපන්
කවකි...



දුර ඇදෙන
සුසුමකින්
නොමැකී
සුළඟ වුව
හැඬුම්බර
හඬකි..



කඳුළින්ම
තෙතමනය
සුරැකී
රහසින්ම
පිනි ඉසුණ
බිමකි



එකසරව
ජනිත වුණ
මලකි.
එවිට එය
තනි සිතට
පෙමකි...


රසික ජයකොඩි
09.03.2010
අලුයම 12.45 ට

6 comments:

  1. මෙන්න තව එල සින්ඩියක්

    http://blog.inetlanka.com/

    ReplyDelete
  2. තනි හිතකට නම් තනි මලත් ප්‍රේමයත් හුඟක් වටීවි....හැඟුම්බර කවි පෙලක්...

    ReplyDelete
  3. නොපෙනෙන ක්ෂිතිජයක
    රැගෙන ගොස් මා
    ඉතිරි වු ආදරයත්
    අත් හරිනු මැන
    රුවල් ඉරී ගිය
    නෙෘකාවෙන්

    ReplyDelete
  4. රසික ඔයගෙ කවි ඉස්සරහා මගෙ හිතට දැන්නෙ මහ අමුතු දෙයක්. ලස්සනයි....

    ReplyDelete
  5. උඹේ කවි අපිව වෙනමම ලෝකෙකට අරගෙන යනවා වගේ මචං . . .සිරාවට . . .

    ReplyDelete