
ඇඳිරි නීතිය පැන වූ රැයක
අන්ධකාරය කපාගෙන
අකීකරු සිහිනයක්
ඉබාගාතේ ඇවිදියි...
අවකාශයේ සැරිසරන
වැහි වලාකුළක සිරගත
කඳුළකට
ඒ සිහිනය මතට වැටෙන්නැයි
මම ඇරයුම් කරමි..
එවිට ඒ කඳුළ
රැලි නගා නළල
හකුළුවා දෙබැම
මගේ මුහුණට එබී
ඔරවයි!
"වේසියක් කියල හිතුවද...? "
සිනහවක් මිස
කෝපයක් නොනැගුණුයෙන් මම
සෙල් රුවක් මෙන්
නිරුත්තරව හිඳිමි..
වැලි බොරළු දෙපතුළ ඇනගෙන
රැය ගෙවෙන තුරු ඇවිදින
ඒ අකීකරු සිහිනය
එක්තරා නිශ්චිත මොහොතක
කොහේ හෝ බැරියරයක් ළඟ
ගල් ගැහී
නවතියි.
එ'මොහොතේ,
අභිරමණීය සිරගෙයක..
වලා කැටියෙන් සුසැදි
යකඩ පොලු අතර හිඳ
වැහි කඳුළ
හීනියට ඇස් නගා
හීනයට
හිනැහෙයි...
රසික ජයකොඩි
rasika
ReplyDeleteරැ වෙලා ඇවිල්ලා අදහසක් තියලා යන්නම්.. දැනට නම් කියන්න තියන්නෙ අමුවටම දෙයක් කියනවා හංගලා...
මේ ගැන විග්රහ කරන්න අමාරුයි.
ReplyDelete