මිනිසෙක් සහ කුහුඹුවෙක්
ලියන මේසය මත
සුදෝ සුදු හිස් කඩදාසියක
නන්නාඳුනන කුහුඹුවෙක්
ඇවිදියි
කාගෙවත් ඇස නොගැටෙන
වලගොඩැලි කඩතොලු වල
පා පැකිල බිම වැටෙන
ඌ
දහිරියෙන් හිස නගා
ආයෙමත් නැගිටියි
පෑන් තුඩ'ගින්
උණු උණුවේම ගිලිහුණ
අකුරක
ඉතිරි වුණ හිස් ඉඩක
කුහුඹුවා
මොහොතකට නවතියි
එය ඌට
නිවහනකි
එවන් අකුරුම
එක පෙළට ගළපා
එතැන වටකොට
කවක් ලියනෙමි.
"ඔහොම ඉන්නැයි"
ඌට අණ දෙමි
එය ඌට
සිරගෙයකි..
රසික නියමයි.. හැමදාමත් වගෙ ඔයා ලස්සනට පුංචි සරල වචන ටිකක් එකතුකරලා අපිට දිලා යනවා.... ලස්සන දෙයක් ඔයා සරල වචන ටිකකින් දෙනවා...
ReplyDeleteහිරකරනවාට වඩා කැමැත්තෙන් හිර වෙන එක හරි සුන්දරයි , ආරක්ෂිතයි.... ඒක කාටත් පොදුයි... විශේෂයෙන් ආදරේදි........ සිතුවිල්ල අපූරුයි......
ReplyDeleteලස්සන අදහසක්.. ජය!
ReplyDeleteසිරි ගත ජීවිතය දුකකි අපි කවුරුවත් එහෙම වෙන්න කැමති නැ අඩුම ගානේ පුංචි කුරා කුඹියකුටවත්
ReplyDeleteඅදහස අගෙයි
කියවා රස විදින්නත පමණක් නොවෙයි පසුවත් මතකයේ රැදී හිතේ ඉඩක් ගති ඔබේ කවි
ReplyDelete