Tuesday, March 23, 2010

මිනිසෙක් සහ කුහුඹුවෙක්


ලියන මේසය මත
සුදෝ සුදු හිස් කඩදාසියක
නන්නාඳුනන කුහුඹුවෙක්
ඇවිදියි

කාගෙවත් ඇස නොගැටෙන
වලගොඩැලි කඩතොලු වල
පා පැකිල බිම වැටෙන

දහිරියෙන් හිස නගා
ආයෙමත් නැගිටියි


පෑන් තුඩ'ගින්
උණු උණුවේම ගිලිහුණ
අකුරක
ඉතිරි වුණ හිස් ඉඩක
කුහුඹුවා
මොහොතකට නවතියි

එය ඌට
නිවහනකි

එවන් අකුරුම
එක පෙළට ගළපා
එතැන වටකොට
කවක් ලියනෙමි.
"ඔහොම ඉන්නැයි"
ඌට අණ දෙමි

එය ඌට
සිරගෙයකි..

5 comments:

  1. රසික නියමයි.. හැමදාමත් වගෙ ඔයා ලස්සනට පුංචි සරල වචන ටිකක් එකතුකරලා අපිට දිලා යනවා.... ලස්සන දෙයක් ඔයා සරල වචන ටිකකින් දෙනවා...

    ReplyDelete
  2. හිරකරනවාට වඩා කැමැත්තෙන් හිර වෙන එක හරි සුන්දරයි , ආරක්ෂිතයි.... ඒක කාටත් පොදුයි... විශේෂයෙන් ආදරේදි........ සිතුවිල්ල අපූරුයි......

    ReplyDelete
  3. ලස්සන අදහසක්.. ජය!

    ReplyDelete
  4. සිරි ගත ජීවිතය දුකකි අපි කවුරුවත් එහෙම වෙන්න කැමති නැ අඩුම ගානේ පුංචි කුරා කුඹියකුටවත්
    අදහස අගෙයි

    ReplyDelete
  5. කියවා රස විදින්නත පමණක් නොවෙයි පසුවත් මතකයේ රැදී හිතේ ඉඩක් ගති ඔබේ කවි

    ReplyDelete