Saturday, March 13, 2010

"දික්කසාදය"



මකුළු දැලකි බිතු සිතුවම
මැරුණු සුසුමකින් ලඹ දෙන
වැසුණු ජනෙල් කවුළුව මත
ලකුණු ය ගොළුබෙලි ගමනක...


පෙරළුණු මල් බඳුනක් තුළ
කඩදහි මල පෙති හැකිළුණ
අඩක් දැවුණු දුම්වැටිය ද
නිදයි අවසඟව මිහිකුස...


රැලි නොමැකුණු සයනය මත
පැරණි පොතකි පිටු විසිරුණ
තීන්ත ඉතිරුණු පන්හිඳ
නිල් පාටැ'ති ලේ වගුරන...


කෙඳිරිලමින් රෑ තුන්යම
බමන අඳුරුබර සිහිනය
මදුරු මලකුණක් විලසින
අත්ල මැදින් සලකුණු විය


රසික ජයකොඩි

9 comments:

  1. රසික ඔයා හරිම අපුරුවට ඔයා විඳින දෙවල් අපෙ හිත්වල සටහන් කරනවා. හැමදාමත් වගෙ මෙ පැත්තෙ ආවා.. මොකද වෙන්නෙ කියලා බලන්න... නියමයි ,අපුරුයි.....

    ReplyDelete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. නියම සංකල්පනාවක්.

    ReplyDelete
  4. අපූරු නිර්මාණයක් !
    මං නම් මේ ඉසව්වට අළුත්..
    ඒත් දික්කසාදය දැක්කහම නැවත නැවත එන්න හිතුණා..

    ඇත්තෙන් ම අපූරු නිර්මාණයක් !

    ReplyDelete
  5. හ්ම්ම්ම්.... අපූරුයි.... වෙන මොනවද කියන්නේ ? ඇත්තෙන්ම.... හදවතට වදිනවා...

    ReplyDelete