Wednesday, March 3, 2010

නයන සිත්තම


සිහිනයක් මත
තුහින ඇඳි සිතුවමකි
හිත.
පින්සලය තුළ
හුස්මක්ව රැඳෙන්නේ
ඔබ.


බිම් තලය මත
බිම්මලක් වී පිපෙමි
මම.
නිම් වළල්ලක
නිම් නොදැන
පියාඹයි
ඔබ.


ගිම්හානයට
වස්සාන කුසුමක්ය
ඔබ.
බොල් අහස යට
කල්පයකි ජීවිතය
මට.


නිල් නයන මත
මල් පිපෙන සුපැතුමකි
දුර....
කටු ඇනෙන මග
නටුව මත පා නගමි
මම.


ලිය මඬුලු යට
සීතලට නිදි බිඳෙන
විට
ගුලි ගැහෙන හිත
පිරිමදින උණුසුමකි
ඔබ.




රෑ 1. 20ට

4 comments:

  1. සංවේදී නිර්මාණයක්.......

    ReplyDelete
  2. අහිමි වීම මේකට අයිතිද? මට එහෙම හිතෙනවනේ කියවනකොට

    ReplyDelete
  3. රසික ඔයා හරිම ලස්සනට මෙවා හදනවා හැබැයි ඔයා අපිට එවා දිලා පොඩි හිනාවක් දාලා යනවා ඇයි එ.. අපිත් එක්ක කතා කරන්න එන්න... ඔයාට වෙලාවක් හම්බ වෙන විදියට එන්න....අපෙ සයිට් වලටත් ඇවිල්ලා හැබැයි හිනාවක් දාලා යන්න එපා....මොනව හරි කියලා යන්න... සංවෙදි ඔයාව යන්තරයක් වෙලා වගෙ මට දැනෙන්නෙ...

    ReplyDelete
  4. Your words .....your own words !!!!

    ReplyDelete