Sunday, January 31, 2010

ප්‍රේමයේ කළාලය


ප්‍රේමයේ කළාලය එලන්න
ජීවිතේ වළාකුල වැහෙන්න



තරු ඇසක් අතින් පොඩි කරන්න
රතු වෙයිද ළං වෙලා බලන්න



තනි සඳට ගුලි වෙලා නිදන්න
ගිනි සිසිල යටින් පිණි ඉහින්න



නිම් වළල්ලටම ඔබ ඇදෙන්න
දුම් වළල්ලක් විලස රැඳෙන්න



ප්‍රේමයේ කළාලය එලන්න
මේ රැයේ මගේ ළය සිඹින්න





රසික ජයකොඩි
එක්තරා රැයක

8 comments:

  1. හරිම ලස්සන පැදි වැල.

    /බිඟුවා...!

    ReplyDelete
  2. පුදුම හිතෙනවා... ගොඩක් දුර යන්න පුලුවන් මෙ ටිකත් එක්ක. ස්තුති බෙදාගත්තට...

    ReplyDelete
  3. tawa liyanna .oba liyana tharamata api wasana wanthai...!

    ReplyDelete
  4. ලස්සනයි

    ReplyDelete
  5. රසික, ඇත්තටම ඔයාගේ කවි ගැන නම් කියන්න වචන නැහැ.
    Excellent..!

    ReplyDelete
  6. This is beyond words ...So Romantic...Love this a lot !!!

    ReplyDelete