Saturday, January 16, 2010

මතක මළගම


මලක මළගම නිමව
මතක බණ රැව් නගන
නෙතක කඳුළක් වුවද
ගඟක හැඩතල මවන


හිතට නොපෙනෙන තැනක
නතර කර ගමි කඳුළ
චිතකයට ගිනි තබන
අත ඇඟිලි උණුසුම්ය


නින්ද නැති සඳවතට
අන්දවන්නට සළුව
අන්දකාරය තනිව
වින්ද දුක් අපමණය


සොහොන් බිම මුල් අදින
පැළෙන් දළු නැගෙන විට
ඉතින් මියැදුණු සිහින
දකින්නේ කවුරුන්ද..?


පියෙන විට ඇස් රැයක
එසැණ තරු එළි නිවෙන
නිදන ජනවාරියක
හැළෙන මල් නිම් නොමැත


හිස් වුණත් සඳ එළිය
දොස් නගනු අනැවැසිය
වස්සානයේ කවිය
ඇස් පියා නැවතුණිය

7 comments:

  1. හරිම ලස්සනයි...
    කෙටි පද නියමෙට ගලපලා තියෙනවා...

    /බිඟුවා...!

    ReplyDelete
  2. ගොඩක් ලස්සනට ලියල තියෙනව...

    ReplyDelete
  3. ෂාහ්..... නියමමම... නියමයි... ලස්සනයි....

    from sansare

    ReplyDelete
  4. The saddest one too beautiful Rasika !!!

    ReplyDelete