Wednesday, January 27, 2010

දිනපොත සහ හදවත


පැරණි දිනපොත ගෙන'තට
ඉරුණු පිටුවක් පෙරළමි
මැකුණු අකුරක් ගළපමි


නිදන නදියක රැළි මත
සිහිනයෙන්
පය තබනෙමි
දිය පිට මෙතෙක් සපැමිණි
පියවර ලකුණු සොයනෙමි


ගෙවෙන්නට පෙර කළුවර
තණ පලස මත ඇවිදිමි
සී සී කඩව යන පිණි
රැස් කරන්නට නොසිතමි


කාලය රකින මුනිවත
හෙළන සුසුමෙන් නොබිඳිණි
නොනිදන කුහුඹු සෙවණැලි
බිතු මතින් සිතුවම් වුණි


දිගු බැව් දනිමි මේ රැය
සඳට කෙටි මං නැතියෙනි..
මදනලට පිටු පෙරළිණි
මතකය පවා සසැළිණි





රසික ජයකොඩි
ජනවාරි 27 පාන්දර

4 comments:

  1. අපූරු ශබ්ද රසයකුත්
    ඒ ශබ්ද රසයට නොදෙවෙනි අර්ථ රසයකුත්
    ව්‍යංගයකුත්
    සමෝසමේ ගත්
    ඉතාම ලස්සන
    කියවන්නට හිතෙන
    කවි ශෛලියක් ඔබට තියනවා...
    ජය වේවා!
    දිගටම ලියන්න....

    ReplyDelete
  2. Its you , true ...But here , its far excellent !!!!

    ReplyDelete
  3. Your picture has shaken me even more ....

    ReplyDelete