සඳකඩපහණ
පාමුල
සිගරට් දුමත්
කවියක්..
උඳුවප් සිසිල
අවසන
ඉකිලයි
හංස ගීයක්..
අඩතැනි ගසක
සෙවණ'ත
මල් පියල්ලක
කඳුලක්..
කඳුලක්..
වෙව්ලන හදැ'ති
මිනිසෙක්
අහසෙම වියයි
සළුවක්..
නිදියන
තණපතක් යට
පළිඟු ඇස්
පිණි බිඳුවක්..
ගොලුබෙලි ගමන
කෙළවර
කෙළවර
ඇඳෙයි පියවර
අහුරක්..
වැලි කතරටත්
ඉතිරියි
දියවැලක් ගිය
ලකුණක්..
නම් නැති
සොහොන් කොතකත්
කොතැන හෝ ඇත
අකුරක්..
නියමෙට තියෙනවා...
ReplyDeleteගොඩාක් දේවල් ගැන ලියලා තියෙන්නේ
/බිඟුවා...!
thank u :)
ReplyDeletepenena dakina, nomakena makena
ReplyDeleteapahu dakina sihina...
athiwee bondawee nathiwee
apahu athiwana balaporoththu...
kotinma jeewithe..
lassanay. digatama liyanna.
jaya wewa!