ඇය රතුයි..
මළ ඉරක්
යට උපන්
සිහිනයක්
තරමටම
ඇය රතුයි
නිදි කිරන
ඔරුකඳක
හරි මැදින්
පින්තාරු
කළ ඉරක්
වාගෙමයි
ඇය රතුයි..
සුධාවල
පිරුවටය
මත ඉහුණු
ලේ බිඳිත්තක් වගෙයි
ඇය රතුයි
ලේ ගලන
පිහිතුඩක
සිනාසෙන
ඇපල් රත
ඇය වගෙයි
ඇය රතුයි
බොරදියක
නෙළුම් මල්
පිපෙන විට
දිය රතුයි
ඇය රතුයි
දරණ ලූ
හදවතක්
යට නිදන
ඇය රතුයි
හරි රතුයි
නව අවුරුදු උදාවකේ
ReplyDeleteඉස්සරලම් ලියන කියන
නිසැඳැස් පෙල අස්සේ
තියෙනා මේ පදවැල්
හරිම රතුයි
ඔබ රතුයි
/බිඟුවා...!
hodai. aluk adahasak. hithanna godak de thiyana kaviyak....
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteසිනා මල් පුබුදුවන
ReplyDeleteරතු දෙතොල්
මත නටන
ඇගේ සිනහවත් රතුයි
රතු රතුයි
රතු රතුයි
ඇගේ සිනහවත් රතුයි
රුහිරු කකියවන අපූරු කවියක්. අගෙයි රසික..!
ජය..!
ලස්සනයි යහලුවා.. ලස්සනයි .... රසික
ReplyDeleteදිගටම ලියන්න.....
bohoma sthuthiyi :)
ReplyDeleteපට්ට
ReplyDeletekavi godak evith vageane... mokada kiyanea api mekata dhavasak dhaa hendeevath daamudha?
ReplyDeleteලස්සනයි සහෝ...
ReplyDelete