Saturday, January 30, 2010

පෙබරවාරිය?


( ලංකා පත්තරේ කර්තෘ චන්දන සිරිමල්වත්ත පොලිස් කූඩුවේය. ප්‍රගීත් එක්නැලිගොඩ තාමත් අතුරුදහන් ය. ඒ අතරේ ලංකා පුවත්පතට අද දහවල් සීල් තබන ලදී)

මිතුර අද සිට පෙබරවාරිය
සයුර ගිනිබත් කරයි සූරිය
මියෙන මලකට කොහෙද වීරිය
සිහින වලටත් ඇඳිරි නීතිය


රජ අණින් පළඳවා ප්‍රීතිය
සිනා මුහුණෙන් පිරෙයි වීදිය
නිශාචරයන් හොරෙන් ආගිය
බූට් සළකුණු පසට හා විය


මල් වෙඩිල්ලෙන් ළය දෙබෑ විය
අකීකරු කවියද නිමා විය
පන්හිඳක් මා අතට දී ගිය
මිතුර නුඹ දැන් හරිම ඈතය


සිංහාසනය යට ගලාගිය
මුත්‍රාවලින් තෙතය රාත්‍රිය
උට්ඨාන වෙයි මරණ භීතිය
මුද්‍රා තබමි මගේ ගීතය

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඇයි ඒ විතරක් නෙවෙයි...."ලංකා ඊ නිවුස්" එකටත් ඉබි යතුරු දාලා....අවුරුදු තුන හතරක ඉඳන් පිටරට ඉන්න අපිට ලංකාවේ වෙන දේවල් ඒ වෙලේම බලාගන්න තිබුන එකම වෙබ් සයිට් එක...පිටරට ඉන්න අපේ ප්‍රශ්ණ කතා කරපු එකම වෙබ් සයිට් එක...
    http://www.lankaenews.com/Sinhala/news.php?id=12215

    ReplyDelete