Saturday, January 9, 2010

රතු

ඇය රතුයි..

මළ ඉරක්
යට උපන්
සිහිනයක්
තරමටම
ඇය රතුයි

නිදි කිරන
ඔරුකඳක
හරි මැදින්
පින්තාරු
කළ ඉරක්
වාගෙමයි
ඇය රතුයි..

සුධාවල
පිරුවටය
මත ඉහුණු
ලේ බිඳිත්තක් වගෙයි
ඇය රතුයි


ලේ ගලන
පිහිතුඩක
සිනාසෙන
ඇපල් රත
ඇය වගෙයි
ඇය රතුයි


බොරදියක
නෙළුම් මල්
පිපෙන විට
දිය රතුයි
ඇය රතුයි

දරණ ලූ
හදවතක්
යට නිදන
ඇය රතු
යි
හරි රතුයි



9 comments:

  1. නව අවුරුදු උදාවකේ
    ඉස්සරලම් ලියන කියන
    නිසැඳැස් පෙල අස්සේ
    තියෙනා මේ පදවැල්
    හරිම රතුයි
    ඔබ රතුයි

    /බිඟුවා...!

    ReplyDelete
  2. hodai. aluk adahasak. hithanna godak de thiyana kaviyak....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. සිනා මල් පුබුදුවන
    රතු දෙතොල්
    මත නටන
    ඇගේ සිනහවත් රතුයි
    රතු රතුයි
    රතු රතුයි
    ඇගේ සිනහවත් රතුයි

    රුහිරු කකියවන අපූරු කවියක්. අගෙයි රසික..!
    ජය..!

    ReplyDelete
  5. ලස්සනයි යහලුවා.. ලස්සනයි .... රසික
    දිගටම ලියන්න.....

    ReplyDelete
  6. kavi godak evith vageane... mokada kiyanea api mekata dhavasak dhaa hendeevath daamudha?

    ReplyDelete
  7. ලස්සනයි සහෝ...

    ReplyDelete