Sunday, December 27, 2009

සුළඟට කියමි


( "මම යනවා එනවා.. ඒ මගේ හැටි..") - දෙබසකින් ඇහිලූ වචනයක්..

ඉතින් එය ඇත්තක්..
සුළඟක් කියන විට රහසක්..
එය කොහොමටත් ඇත්තක්...

ඒ වුණත් ඔබ
දුර සිට අරන් එන කවියට
මම නමක් දිය යුතු ම ද ?
එය නිදා උන් කවියක්
කිසිදින ඇස් නාරි'තැයි
මා සිතා සිටි
කවියක්...

මගෙ හිත යටත්
තිබුණා සුරුවමක්
කොහෙ හෝ අඳුරු මුල්ලක..
කාලයේ වැලි දූලි ඒ පිට...
කිරිදතක් සේ එය
යළි මතු වෙලා එනවිට
මෙතරම්ම සීතල
දැනෙන්නේ ඇයි මගේ කොපුලට...?

ගිම්හානයේ ගිනියම
දවන බව ඇත්තයි
නිම්නය...
ඒත් කොතැනක හරි
හැංගිලා ඇති ලපළුත්...
සුළඟකට පමණයි
එය සොයාගන්නට පුළුවන්..

ඉතින් දැන් මම හිනාවෙන්නම්..


වග වාසගම් නැති වුණත්
ඒ කවිය මට හරි හිතවත්..
සුරුවම දිසෙයි රැයටත්
තවම ලඹ දෙයි ලපළුත්...

8 comments:

  1. කියන හැම දේකටම හේතු ඕනේ නෑනේ.. මට මේක කියෙව්වාම 'හ්ම්' කියලා සුසුමක් පිටවුනා..
    ඒකයි හ්ම් කිව්වේ..
    අනිත් දවසේ එහෙම 'හ්ම්' කියලා කමෙන්ට්ස් දාන්න එපාද?

    ReplyDelete
  2. naha eka mata prashnayak neweyi.:) eth mata danaganna ona wuna ai "hmm" kiwwe kiyala. ow.. me loke hethu nathi dewal ona tharam thiyanawa...

    ReplyDelete
  3. හුළග කියන්නේ මම මේ ලොකේ වැඩියෙන්ම ආස කරන දේවල් වලින් එකක්..!!
    මම කවදා හරි මැරිලා හුළගක් වෙනවා.

    ReplyDelete
  4. "අපේ ආදරේ සුළඟ වගේ.
    මට ඒක පේන්නෙ නෑ, නමුත් මට ඒක දැනෙනව."

    - A Walk to Remember චිත්‍රපටයේ කොටසක සිංහල පරිවර්තනය -

    මේක මෙතන සඳහන් කරන එක සුදුසුයි කියල හිතුණා.

    ReplyDelete
  5. ow.. eka aththa.. mama meka liwwe e wage relationship ekak gana hithala.. e relationship eka penne naha.. eka danenawa.. ekata namak denna amaaruyi mata..

    ReplyDelete
  6. අපූරුවට ලියපු ඔබේ තවත් ලස්සන ප්‍රයත්නයක්...
    ඔබේ බස හරිම හරවත්...
    ජය!

    ReplyDelete