Thursday, December 24, 2009

රකුසෙකුගේ සෙනෙහස


සුළඟ ලෙස යන එන ඔබ
ළඟට විත් හිනැහෙන විට
රිදව ගෙන හද සෙල් බිත
හඬන රකුසෙක් වෙමි මම...


නිල් මිණි නයන යුග ඔබ
දුල් පිණි සලන මොහොතක
දල්වනු බැරිව කවිසිත
ගිල්වමි සොහොන් කොත යට


මලානික පරඬැල් පත
ගසාගෙන සුළගට යත
වසාගෙන දෑතින් වත
හඬා වැළපෙමි තනිවම..


බොහෝ දන ලොව සැතපෙන
රැයේ අන්තිම යාමෙක
ලියා කවියක ඔබ ගැන
තියා සඟවමි හිත යට..


වලාවක නැග ඈතට
පලා යන දවසක ඔබ
නොලා සෙනෙහස හුළඟට
බලා ඉමි සිත සිරකොට..

9 comments:

  1. මට කවි ගැන තේරෙන්නේ නෑ, කමෙන්ට් කරන්න තරම්..
    ඒත් මට මේක බොක්කටම වැදුනා...

    ReplyDelete
  2. සෙලක් වූ ඔබ හදවත
    වෙඬරු පිඩසේ දියකර
    සිරකොට සිටින සෙනෙහස
    ගලන්නට දෙනු මැනවි ඉඩ කඩ...

    ReplyDelete
  3. රුදුරු මුව මුත් හස නැති
    මහරු හද පෙම් තෙත ඇති
    වෙඬරු වී වැගිරෙන හැටි
    ඇගෙ හිතත් හඳුනන්නැති.....
    ඇගෙ නෙතත් වැලපෙන්නැති....

    ReplyDelete
  4. When I met poetry for the first time through other ways ,before the fb meeting , Me too cried with you ...by reading this .This was the best for me among your old set of poetry until you write the conspiracy of absence in a later time ...Love them a lot which I dont get access now unfortunately .Be kind enough to release them too ..Thank You !!!

    ReplyDelete
  5. No line can be ignored in this .One competes the other .The Best of you among this set of poetry .My Best too and started loving your poetry through this .Best of Luck for the best poetry !!!

    ReplyDelete
  6. As people ĺike you don't publish poetry there's a huge gap which you may not understand at all.

    ReplyDelete