Wednesday, December 22, 2010

උඳුවප් සුළඟ හෙවත් සල්ලාල පෙම් කව


මේ මගේ ප්‍රේමය
හෙවත්
අඬන්නට ඉන්න ඇස.

අඬන්නට ඉන්න ඇසකට
විසුළුවට වුව
ඇඟිල්ලෙන් ඇන්නොත් ඔබ
මුලින්ම ගලනු ඇත්තේ
කඳුළකි ලේ රතු පාට.

කඳුළු ලුණු රස
බව සැබැයි,
එසේ වුව
කුමට සොයනුද
වෙහෙස වී එහි යට'රුත
ලුණු බිඳක්වත් ශේෂ නොකරම
වියැළිලා යයි නම් එය.

මම
මකුළු දැල.

බිත්තියේ ඈත මුල්ලක
හෙමි හෙමින් ලඹ දෙන
ඉඳහිට කළුවරක
මැස්සෙකුත් පැටලෙන,
හෙට උදෑසන
ඔබ
දුර සිට
අතුගා දමන්නට
නියමිත.

උඳුවප්
සුළං කෝඩය

ඒ ඔබ.

අන්තිම
තෙල් බිඳිත්තෙන්
දැල්වෙන
පහන් සිලකින්
ජීවිතය
මොහොතකට උදුරන.



රසික ජයකොඩි
2010 දෙසැම්බර්

8 comments:

  1. මරු මචන්........... නියමයි....!!

    ReplyDelete
  2. හරිම ලස්සනයි හැමදාම වගේ.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  3. අපූරුම අපූරුයි පදවැල...

    ReplyDelete
  4. බොක්කටම වැදුනා ...!!

    ජයවේවා !!

    ReplyDelete
  5. oya desen nam adanna epa dear ee desa api ta watinawa :CONSOLE nice and sad poem

    ReplyDelete
  6. I am crying for you and for me too .But still with the smallest hope ....

    ReplyDelete