චක්‍රාවාටයේ වාටියක
නන්නත්තාර දූපතක
කරුමක්කාර හදවතක
සෙල්ලකාර කුසුමක්ය ඈ..
භද්‍ර කල්පයේ කෙළවරක
භද්‍ර යෞවනේ මිරිඟුවක
රක්තවන් දෙනෙත් අභියසම
රක්ත වර්ණයෙන් පිපුණාය ඈ..
රික්තකයක්ව ගිය සිතක
මුක්ත නොකෙරුණු සෙනෙහසක
බුක්තියට සිරගත කෙරුණ
රක්තවන් මායාවක් ය ඈ..
චක්‍රාවාටයේ වාටියක
වක්‍රාකාර දූපතක
අප්‍රාණිකම ප්‍රාණයක්
නිද්‍රාවකට සම වැදෙන රෑ
මුද්‍රා තැබෙන සිහිනයයි ඈ..
රසික ජයකොඩි
2011 ජනවාරි
මරු............!!
ReplyDeleteසිත සසල කරවන
ReplyDeleteප්‍රහර්ශය දනවන
...නුඹේ ඔය කවි කම
ලස්සනයි සත්තකින්ම
..!!!!!!!!
නියමයි..
ReplyDeletelowama nidana rayaka,thanikama makalu...
ReplyDeleteawadiwunu witadi boho dura palagiya සිහිනයයි ඈ.. lassanae..keep it up!
ශබ්ධ රසයක් තිබෙන
ReplyDeleteනියතවශයෙන් හැඟුම
කියනු බැරි කවිය
මන් කිති කවන රෑ
නොතේරුනත් වැඩිය
වචන දෙක තුන එකට
ලියමි මම ඔබට
අරුම කවියක්ය "ඈ"
මේ මම, මූනු පොතේ නොමැතිව ඔබ අප්‍රිය කරන ඈ <3
lassanai thawath nirmana karanna mea wage
ReplyDelete