Wednesday, April 13, 2011

අවුරුදු ප්‍රේම ගීතය


අප්‍රේල් යනු,

අහස ඉකිලන මාසය

පොළොව හිනැහෙන මාසය

අකුණු පුපුරන මාසය

අවුරුද්ද එන මාසය.



වැහි, අකුණු අස්සෙන්

කඳුළක් වැටෙන රාවය

ඔබට නෑසෙන මාසය

ඔබ සිනාසෙන මාසය



කෙවිළියක අත ගත්

වැහි ලිහිණියෙකු

කොවුල් ගී ගයන නාදය

සවනට ඇසෙන මාසය..



අප්‍රේල් යනු,

එරබදු මල් ලෙසට

නෑ හිත මිතුරු පිරිවර

ඔබ වට පිරෙන මාසය

ඔබ හිත පිරෙන මාසය



කවි, අකුරු මැද කුටියක

මා තනි කෙරෙන මාසය

කොළොම්පුර වීදියක් ලෙස

හිත පුරන් වන මාසය



අප්‍රේල් යනු,

නොනගතය කෙළවර

සුබ නැකත් ගෙන එන

නැකැත් තරුවට හිමි මාසය..

සුබ නැකත් එන තුරු

වරු ගණන් කල් මරන

නොනගතය ඉතා දිග මාසය..



නව බග සඳ විලස

මේ ඔබ සිනාසෙන මාසය,

ඒ එක සිනාවක් වෙනුවෙන්

මා බොහෝ දුක් උසුළ මාසය..




රසික ජයකොඩි

13.04.2011


7 comments:

  1. මම හොයපු කවිය
    (ගීතික දිල්රුක්)

    ReplyDelete
  2. හරිම ලස්සනයි..... ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් පතමි. එය ඉටු කර ගැනීමේ ශක්තිය ඔබට ලැබේවා......

    ReplyDelete
  3. as always its excellent..හුඟාක් ලස්සනයි !!

    ReplyDelete
  4. හරිම ලස්සනයි.. :DDDD

    ReplyDelete
  5. Hmm...................I felt it.So shallow and so deep.

    ReplyDelete
  6. April and memories ...

    ReplyDelete