අප්‍රේල් අවසන
අසෙනි වැසි වහින සවසක
තන්වැසි බොහෝ දන
දිවයති
කොහේ හෝ සෙවණකට;
ඒ වුණත් ඉඳහිට
දකිනු ඇති ඔබ
මිනිසෙකු
වැස්සට තෙමෙමින්ම
මහා නිදහසකින් ඇවිදින
අමතන්න ඔහුට - ඒ මම!
ඇසිපිය සැලෙන මොහොතක
පුපුරයි
විදුලියක් සහ අකුණක්
එකවර
අනාරාධිතවම
ඔහු දෙනෙත් අභියස...
"ඔබ"!
* * *
තවත් එක දවසක
ගිනියම් දහවලක
ගාලු පාරේ සිර වුණ
මහා රිය පෙරහරක් පසුපස
දුටුවාද
කේඩෑරි මිනිසෙකු
බයිසිකලයක් පැදගෙන
හෙමි හෙමින් එන;
අත දමා
නවතන්න ඔහු - ඒ මම!
උණු තාර මතුපිට,
කාටවත් මෙතෙක් නොපෙනුණ
වතසුදු කුසුමක් ය
හිනැහෙන
ඔහු නැඹුරු වී සුරැකිව
අතට ගෙන එය
සිඹිනු ඇති බැතියෙන...
"ඔබ"!
රසික ජයකොඩි
25.04.2011
විදුලි රේඛා මැද
ReplyDeleteඅයාලේ යන සුළඟක
පරඬැලක් දුටුවද
මහා නිදහසකින්
පාවී එහෙ මෙහේ යන
අමතන්න ඇයට - ඒ මම!
වැසිසේ හැලෙන කඳුලක
සිරවී සෙමෙන් ඉකිලන
අකුණක් ලෙසින් පුපුරන
මියගිය මතක අතරේ
සිතුවමක්වී මනසේ
අනාරාධිතවම
ඇය දෙනෙත් අභියස...
"ඒ ඔහු"!
මැණික්
This one too !!!
Deleteon which poem should i comment???
ReplyDelete@rasika: well done
@manik: very well done!!!
' Simbinu atha bathiyena ' - Why your's become extra ordinary !
ReplyDelete