Tuesday, March 15, 2011

ගිම්හාන කවිය හෙවත් කල් ඉකුත් වස්සාන ගීතය


කළු ගැසුණු උළු වහළක

පරණ වැහි පිහිල්ලක කෙළවර

සිරගත පරඬලා පත් යට

ශේෂ වුණු වැහි වතුර පොදකට

සම කරමි

ඉකුත් වස්සානය.



ඉබියතුරු දම්වැල් බැඳ

වසා දා ඇති

යළිත් නෑරෙන දොර මත

හැඩයක් නැතිව විසිරුණ

මඩ සිතුවම්ය වියළුණ..

ඉකුත් වස්සානයේ ඉපදුණ.



ලියන මේසය යට

අතු නොගෑ අඳුරු මුල්ලක

ගුලි වුණු කඩදාසියක් ඇති

එක රැයක සුරතින් ගිලිහුණ,

එමත මා ලිව් ගීතය

ඉකුත් වස්සානයේ දොරකඩ..



රත්වුණු තාර පාරක

ඉඳහිට ඇවිද යන විට

සුළි නැගෙන දුහුවිලි සුළඟ

අනවසරයෙන් සිඹියි දෙ ඇසම.

පිසින විට නෙත් කෙවෙණි

අතැඟිල්ල මත තැවරෙන

කඳුළක තවම හමු වෙයි

කල් ඉකුත් වස්සාන සීතල.



ඉරුරැස් මුවාවෙන

පරවුණු මලක පෙති යට

සිරුර අවසඟ කළු කුහුඹුවෙකු

නිහඬව දකින

නිශ්ශබ්ද සිහිනෙට

නමක් දෙමි.

එය "වස්සාන සිහිනය"

වස්සානයට ගොළු වන..



කඳු හෙල් නිම්න පසුකර

ඉබාගාතේ ඇවිදින

හැඟුම් නොපෙනෙන මිනිසෙකු

උර දරන පැස තුළ

අඳුරු මුල්ලක

සැඟවිලා ඇති

ඔහු එකතු කළ දියවර

වස්සාන කාලය තිස්සෙම.


රසික ජයකොඩි

9 comments:

  1. ඔයාගෙ background එක නිසා කියවන්න අමාරුයිනේ.. පොඩ්ඩක් වෙනස් කරගන්න බලන්න.. ඇත්තටම හැම දේම කලු නැහැ.. ජීවිතේ ඔයිට වඩා වර්ණ වලින් පිරිලා..

    ReplyDelete
  2. ලස්සනයි..ඒත් ඇත්තක්..ජිවිතේ වර්ණවත් තමයි..
    ඒක දකින්න අවශ්‍ය උද්යෝගිමත් හදවතක් විතරයි..
    දුක වීසිකරලා දාලා හිනා වෙන්න
    පුලුවන් හදවත විතරමයි..

    ReplyDelete
  3. හැමදාම වගේ අපූරු පබැඳුමක්..

    ReplyDelete
  4. පිසින විට නෙත් කෙවෙණි
    අතැඟිල්ල මත තැවරෙන
    කඳුළක තවම හමු වෙයි
    කල් ඉකුත් වස්සාන සීතල
    වෙනද වගේම සොඳුරු කවියක්. අද නම් රෝස පාටයි.
    මැණික්

    ReplyDelete
  5. jayantha dehiaththageMarch 17, 2011 at 7:04 AM

    gogak lassanai

    ReplyDelete
  6. රසික, මට තියෙන ප්‍රශ්නය ඇයි ඔබ නිතරම ලියන්නේ නැත්තේ කියන එක. [සුපිරි, අපූරුයි වගේ මොන වචනය මං මේ කවියට මෙතන කියලා ගියත් ඇත්තටම මදි.]

    ReplyDelete
  7. hemadaama reeweddi
    hithata denenaa thaniya
    akurumuthupotak gena
    amunana oya hithata
    thawasawiya lebewa
    sanasanna ape hith




    I was amazed with your creations. I wish you all the best WOGKU

    ReplyDelete
  8. Once again the best poetry ever !!!

    ReplyDelete
  9. Dreams are not always dreams ...They do come true too ...

    ReplyDelete