Wednesday, June 30, 2010

ඇසළ අහසට

මේ ඇසළ අහසයි..
මෝසම් සුළඟ
සසලයි..

රොහොඹු තුඩු අග
දැවටෙන
රෑ සීතලට දිය හැකි
වග වාසගම් එමටයි..
ඒත් ඒ කුමටද..?
යළිත් හෙට දින මෙය
මග හැරුණ
සිහිනයක්
පමණයි..

අන්ධකාරය ඇවිත්
සඳවතුර පිසලයි
හැමතැනම කාංසිය
තවරයි..
උණුසුම්ම සුසුම වුව
පපුතුරට සිසිලයි..

පා පතුල් යට රැඳෙන
වැලි කැටයකට පවා
නිහඬ බව
උරුමයි..
ප්‍රේමයද
අතීතෙට යන මගක
සුරුවමක් විතරයි.
ආයෙ ආයෙත්
සුළඟ සසලයි
ඒ වුණත්
ජීවිතය
නිසලයි..



රසික ජයකොඩි
2010 ජූලි 01 වැනිදා
රෑ 12.05ට

3 comments:

  1. ඇසල එනවා යනවා
    වසරක් පාසා.....
    පුර හඳ දිලී බැසයයි
    පසලොස් දිනක් පායා...
    ජීවිතය තියෙන තුරු.....
    මතක එනවා...
    යනවා....
    මොහොතින් මොහොත.....
    රැඳෙනවා
    ජීවිතය පුරා.....

    ReplyDelete
  2. ආයෙ ආයෙත්
    සුළඟ සසලයි
    ඔබද සසලයි
    හිතද සසලයි
    ඒ වුණත්
    ජීවිතය නිසලයි..
    මැණික්(සුළඟ)

    ReplyDelete
  3. පත්තරේ අයියා මේක නම් ගොඩා...........ක් ලස්සනයි පත්තරෙනුත් කියෙව්වා :):)

    ReplyDelete