Tuesday, July 20, 2010
මුලකුරක මතකය හෙවත් මගේ ප්‍රථම ප්‍රේමය
අඳුරු සෙවණැලි පැමිණ අරුණු දොර වසන විට
අකුරු කඩදහි සමග ගිනි වැදුණු දිනෙක අග
අහඹු ලෙස දිග හැරුණු පොතක මුල්පිටුව මත
කුරුටු ගා තිබුණු නුඹෙ නමේ මුලකුරු පෙනිණ..
සිසිර සුළඟට සැලෙන ළපටි පෙති බිම වැටෙන
නොතිර මල් කැකුළෙකැයි කෙලෙස අමතමි නුඹට..?
කතර මග මෙ'දුර විත් ගිමන් හරිනා රැයක
අඳුර මෙන් නුඹ ද එබිකම් කරයි මගෙ සිතට..
කොහේ සිට කොතැනකට යන්නෙදැයි නොම දැනම
ඔහේ ආ සුළඟක්ව රැඳුණු හැටි නුඹ එදින
එසේ වුව ඒ සුළඟ පියාඹන බැව් හැඳින
මගේ අත් විහිදුවෙමි අහස අහුරනු පිණිස
සිනා සෝ සුසුම් මැද සිතුම් නැවතුම් සොයන
සදාදර ඇසිල්ලක සිහිනයකි.. ඒ නුඹය
මලානික නෙත්වලින් සිතිජයට පා තියන
සැඳෑවක් සදිසි බව දනිමි දැන් ජීවිතය..
රසික ජයකොඩි
19 .07. 2010
Subscribe to:
Post Comments (Atom)
ලස්සන පද පෙළක්......
ReplyDeleteකොහේ සිට කොතැනකට යන්නෙදැයි නොම දැනම
ReplyDeleteඔහේ ආ සුළඟක්ව රැඳුණු හැටි නුඹ එදින
එසේ වුව ඒ සුළඟ පියාඹන බැව් හැඳින
මගේ අත් විහිදුවෙමි අහස අහුරනු පිණිස
හරිම ලස්සනයි.
The Last Line !!!
Deleteහැමදාම වගේ අදත් කියන්න තියෙන්නෙ, මේ පැදි පෙළ නම් අපූරුයි කියලා තමයි.
ReplyDelete