Tuesday, May 25, 2010

අකල් කවියක්


අතීතය
පටු නිම්නයකි

සදාකාලික
ස්වප්නයකි..

සිල් බිඳුණු අලුයම
මල් පියලි කොපුලත
කල් යල් බලා
තියා ගිය පිනි තිත යට ද
ඉතිහාසයකි.


අකල් වැස්සට නොසේදෙන
බිම වැටුණ
මැයි මලක ලේ රත
කල්පයක් කල් වුව
මකාලන්නට
බැරි සත්‍යයකි..

අරගන්න...
එය ඔබට
තව එක
මතක වස්ත්‍රයකි..

ජීවිතය
ලිහාගන්නට බැරි
ගෙත්තමකි

ආදරය
වලාකුළු මත ඇඳි
සිත්තමකි..


රසික ජයකොඩි

5 comments:

  1. ජීවිතය කටු අත්තකි...එහි පලය ගල් වැස්සකි....

    ReplyDelete
  2. 'ජීවිතය ලිහා ගන්නට බැරි ගෙත්තමකි'
    හරියටම හරි කියල මට හිතෙනව. වටිනාකමෙන් යුත් පද පෙලකි.

    ReplyDelete
  3. අකල් වැස්සට නොසේදෙන
    බිම වැටුණ
    මැයි මලක ලේ රත
    කල්පයක් කල් වුව
    මකාලන්නට
    බැරි සත්‍යයකි..

    අකල් වැස්සට නොසේදෙන
    ...සිහිනයකි....
    ඒ මැයි මලට ඇත්තේ
    ...එක් නමකි.....
    අසම්මත මුත් සැබැවින්ම
    .....සෙනෙහසකි......
    එහි තේරුම පසිඳිනු
    .... නොහැකි ...... :(

    තණබිමෙහි සැඟවි ගත්
    කුසුම මම
    කැලෑ මලී

    ReplyDelete
  4. ලස්සනයි!!!

    වලකුළු මත ඇදුන සිත්තම්
    විටින් විට වෙනස් වෙයි
    ආදරය හිත ඇතුලේ
    නතර වී සුසුම් ලයි

    ලිහාගන්නට බැරුව ලතැවෙන
    ජීවිතය නම් මහ මෙරයි
    මැයි මලක රත් පැහැය
    වැහි දියට සේදුනොත්
    එය අරුමයක් මයි

    ReplyDelete