Tuesday, November 24, 2009

මුවදොරක පියවර..


සදා නොමැකෙන පියවර..
තබා යා හැකිද හිතවත
ගාලු මුවදොර වෙරළත..?

දෙපතුල සිඹින වැලිමත..
කොතෙක් සිතුවම් ඇඳුණිද..?
ලුණු රසැති මේ සුළඟට
කොතෙක් තරු ඇස් වැසුණිද..?

කළු වළාපෙත පාමුල
නැවක කුඹගස පෙනුණිද..?
රළ ඉකිබිඳින හඬ මැද
පෙම් පිළිසඳර රැකුණිද..?

දිය හැපෙන ගල්කුළු මත
සිනහ සීරා රැඳුණිද..?
බරැති හුස්මක් සිපගෙන
ඉටිපහන් සිල නිවුණිද..?

සදා සුරකිමි පියවර
තබා ගිය මා හදවත...
ගාලු මුවදොර වෙරළත

3 comments:

  1. නියමයි...

    ReplyDelete
  2. කවි ලියන පත්තර මහත්තයාට, පත්තර මහත්තයාට වඩා මම ආදරෙයි.

    ReplyDelete