Monday, August 13, 2012
මලකට, සිකුරාදාවක
ඔබට පැමිණිය හැකියි,
සිකුරාදා සැඳෑවක,
සිහින බඳුනක් අරගෙන,
ඔබට තොල ගෑ හැකි
මට රඳා ගත හැකි.
තොල ගාන විට ඔබ
බිඳුවෙන් බිඳුව එය
පලායයි මා සිත
ශ්වේත රාත්‍රියකට,
හිමිදිරි මිහිදුමට,
කඳුකර මාවතක
හෙමිහිට ඇදෙන බස් රියක්
තුළට ද.
සිහිවෙයි එවිට මට
නන්දා මාලිනියගේ ගී වියමන්
අමරදේවගේ සන්ධ්‍යා මියැසීන්
සසර මග නිම් හිම් ගැන
යුග බැඳුණු සෙනෙහස ගැන.
කවුළුවට එපිටින් ඇසෙන
මොර ගාන රිය නලා හඬ සහ
සිනා කොක් සන් මැද
මා සිත නිසසලව කියවයි
මායා ආන්ජලෝගේ කවක්
'ඔබ ආ විට'.
අතරමැද
කෙටි විරාමයකට
මා ඇසට ඉඳහිටක හසුවෙයි
සිනාවෙන් වළ ගැසෙන දෙකොපුල්
සහ පෙමින් විපිළිසර හදවත්
සඳ එළියෙන් හා නිදි වැරුණු ඇස් වලින්
සිදුරු වුණ.
එවිට මම හෙමිහෙමින් උගනිමි
මෙතෙක් මුණ නොගැසුණු දහමක්
විකාශිත හදවත් සෛල සහ
නූපන් කව් කළල ගැන
ප්‍රේමයේ රුහිරය
සදාකල් ගලායන.
* * *
( මෙය මවිසින් ලියන ලද To a flower, on a Friday කවියේ සිංහල පරිවර්තනයයි )
Subscribe to:
Post Comments (Atom)
The original poem has been published in www.rasikajayakody.wordpress.com
ReplyDeleteඅපූරුයි...
ReplyDeleteThis makes my ' Friday ' , always , Ever !
ReplyDelete