හිමිදිරියක්
අවන්හලක්
මේසයක්..
දෙපස
ගැහැණියක්
සහ
මිනිසෙක්..
ඒ ගැහැණියට තිබුණේ
දුඹුරුම දුඹුරු දෑසක්..
වචනයක්
දෙකක්
ආයෙත් සිනහවක්..
මල් පියලි කොපුලත
පොපියන
අලුත් පිනි තිතක්
එය හදවතක්..
එක් කලෙක
කළු දුඹුල් බැඳි
පැරණි හදවතක්..
දුඹුරු ඇස් ළඟ
හෝරාවක්
දෙකක්..
ජීවිතය තරමට දිග
ඇසිල්ලක්
දිගම දිග
කෙටි කවියක්...
මීදුමක් සහ මතකයක්..
ඉනික්බිති අඳුරක්
කලකින් හමන
අකල් සුළඟට
බිම වැටුණ
තුත්තිරි මලක්..
නෑ
එය හදවතක්..?
එමල මත
කඳුළක්
කඳුළ මත
පා පතුලක්.
ඇය ගැහැණියක්!
දන්නවද
ඒ ගැහැණියට තිබුණේ
දුඹුරුම දුඹුරු දෑසක්..
රසික ජයකොඩි
දුඹුරු ඇස් වල
ReplyDeleteතිබුනු කව...
කාටවත් කියවන්නටත් බැරි උන
එ'කව ...
වැරදියට,
හිතන්නත් බැරි තරම
වැරදියට,
කියවගෙන..
හිතුමතේ
අකීකරු අකුරු ගැටගැසු...
ගැට ගසා,
මල් පෙත්තක් තරම් සොඳුරු කවි ලියු..
ආතුර වු
දුඹුරු පාට
කවි හිතක් !
this is great, it visualises a lot. nice!
ReplyDelete