Wednesday, January 5, 2011

මායාවී


චක්‍රාවාටයේ වාටියක

නන්නත්තාර දූපතක

කරුමක්කාර හදවතක

සෙල්ලකාර කුසුමක්ය ඈ..


භද්‍ර කල්පයේ කෙළවරක

භද්‍ර යෞවනේ මිරිඟුවක

රක්තවන් දෙනෙත් අභියසම

රක්ත වර්ණයෙන් පිපුණාය ඈ..


රික්තකයක්ව ගිය සිතක

මුක්ත නොකෙරුණු සෙනෙහසක

බුක්තියට සිරගත කෙරුණ

රක්තවන් මායාවක් ය ඈ..


චක්‍රාවාටයේ වාටියක

වක්‍රාකාර දූපතක

අප්‍රාණිකම ප්‍රාණයක්

නිද්‍රාවකට සම වැදෙන රෑ


මුද්‍රා තැබෙන සිහිනයයි ඈ..



රසික ජයකොඩි

2011 ජනවාරි